හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය  76 වන වියේ පසු වුණා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ  පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය ජීවන ගමනෙන් සමුගෙන ඇත්තේ.

මාලනි සෙනෙහෙලතා ෆොන්සේකා 1947 අප්‍රියෙල් 30 කැළණිය දී උපන් අතර, දශක කීපයක් දිවෙන ඇගේ සිනමා රංගන දිවිය මුලින්ම ඇරඹෙන්නේ 1968 තිස්ස ලියනසූරියගේ පුංචි බබා චිත්‍රපටයෙන්.

ඇය දක්ෂ නිලියක ලෙස හඳුනා ගැනෙන්නේ 1969 දී ජාතික නාට්‍ය උළෙලදී ‘හොඳම නිලිය සම්මානය’ ලබා ගැනීමෙන් අනතුරුවයි.

ඉන්පසු 1980 දී හිගන කොල්ලා, 1982 දී ආරාධනා, 1983 දී යස ඉසුරු යන චිත්‍රපට වල විශිෂ්ඨ රංගනය හේතුවෙන් ඇය හොඳම නිළිය සම්මානය කීප විටක් දිනා ගැනීමට සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here