හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත්, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වන සඳුදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සඳහන් කරන්නේ, 26 වන සඳුදා සවස නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව මාලනියගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි.

එමෙන්ම එතුමියගේ දේහය 25 වන ඉරිදා එනම් හෙට දින පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ මහජන ගෞරවය වෙනුවෙන් තැන්පත් කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here