බලපත්‍ර නොමැතිව ඖෂධ ප්‍රවාහනය කළ තරුණියක් හලාවතදී පොලිසියෙන් අත්අඩංගුවට
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (24) හලාවත පුත්තලම මාර්ගයේ දැදුරු ඔය මාර්ග බාධකයේදී හලාවත පොලිස් ස්ථානයේ
නිලධාරීන් විසින් වෑන් රථයක් නවතා පරීක්ෂා කළ බව සඳහන්.

එහිදී වෑන් රටහ්යේ සඟවා තිබු ඖෂධ බවට අනුමාන කළ හැකි පෙති අඩංගු ඇසුරුම් 64 ක් තිබී
සොයාගෙන ඇත.

මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී වෑන් රථය පැදවූ කාන්තාවට එම ඖෂධ සම්බන්ධව නිෂ්චිත පිළිතුරක්
ලබාදීමට නොහැකිවීම මත ඇති වූ සැකය හේතුවෙන් මාර්ග බාධකයේ සිටි නිලධාරීන් විසින් එම
කාන්තාව හා වැන් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව 29 හැවිරිදි වියේ පසුවන හලාවත, කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මෙම ඖෂධ සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයේදී මාදම්පේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරයාගෙන් කළ වීම සීමේදී මෙම ඖෂධ බලපත්‍ර නොමැතිව
සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීමට නොහැකි බවට වාර්තා කර ඇත.

හලාවත පොලිසිය වැඩිදුර වීමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here