අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහයට හිටපු ජනපති
මහින්ද රාජපක්ෂ අද (25) අවසන් ගෞරව දක්වනු ලැබුවා.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ
තරංගනී ශාලාවේ මේවනවිට තැන්පත් කර තිබෙනවා.
අද පෙරවරුවේ චිත්‍රපට සංස්ථාව වෙත පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ
ගෝඨාභය රාජපක්ෂ මහතා මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරව
දක්වනු ලැබුවා.
මෙහිදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ මාලනිගේ
හිස්තැන පිරවීමට කිසිවකුත් නොමැති බවයි.
“මාලනී කියන්නේ සියලුදෙනාගේ හදවතේ ඉන්න නිලියක් …. ඇය අග්‍රගන්‍යයි … ජනතාව …
කම්පනයට පත්වෙලා ඉන්නවා ….ඒ හිස්තැන පිරවීමට කිසිවෙකුත් නැහැ …. කියලයි මගේ
විශ්වාසය …. 2010 පාර්ලිමේන්තුවේ ඇය කලා ක්ෂේත්‍රය නියෝජනය කළා “