බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක් නේවාසිකාගාරය තුළදී සියදිවි
හානිකර ගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවැනි
වසරේ ඉගෙනුම ලබමින් සිටි මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි සංජිවනි කුමාරි
නමැති ශිෂ්‍යාවයි.

ඇය රහසින්ම ඇගේ නේවාසිකාගාර කාමරය තුළදී මෙලෙස දිවි තොරකරගෙන ඇති
බව පැවසෙනවා.

විද්‍යාපීඨය තුළදී ඇයට ගුරුවරුන්ගෙන් විඳින්නට සිදුවූ හිරිහැර හේතුවෙන් හටගත් චිත්ත
පීඩාව දරාගැනීමට නොහැකිව ඇය මෙලෙස සිය දිවි හානිකරගෙන ඇති බව අයගේ මිතුරියන්
පවසා තිබෙනවා.

විශේෂයෙන් විද්‍යා පීඨයේ කථිකාචාර්යවරියකුගේ බලපෑම් හා ඔහු විසින් ලබා දෙනා දැඩි
නියෝගත්තේ දරා ගැනීමට නොහැකිව සංජිවනි කුමාරි චිත්ත පීඩාවකින් පසුවූ බවයි
පැවසෙන්නේ.

මෙවැනි ඛේදනීය සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට
බලකරමින් වයඹ විද්‍යාපීඨ සිසුසිසුවියන් ඊයේ (24) නිහඬ විරෝධතාවකද නිරත වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here