යතුරු පැදියකින්පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පානදුර මාදුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පින්වත්ත පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නැති බවද පොලිසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරයේ එල්ල වූ නිවසේ නිවැසියන් මත්කුඩු ජාවාරමේ නිරත වන්නන් බවද පොලිසියේ සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම මත්කුඩු ජාවාරමක ප්‍රතිඵලයක් වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ටි 56 ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පින්වත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

(බන්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here