හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතව ඇත.
‘හෙල සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ රංගන ශිලිපිණී මාලිනී ෆොන්සේකා මහත්මිය පසුගිය සෙනසුරාදා සිය දිවි සැරිය නිම කළාය.
අභාවප්‍රාප්ත වන විට 78 වන වියේ පසුවු මාලනී ෆොන්සේකා මහත්මිය, ‘වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා’ නමින් 1947 අප්‍රේල් මස 30 වනදා කැළණියේ දී උපත ලැබීය.