තල්මසුන්ගේ වමනය හෙවත් අම්බර් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු
අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (25 ) සවස් කාලයේ වත්තේගම පොලිස් වසමේ තලවින්න ප්‍රදේශයේදී පොලිස් විශේෂ
කාර්ය බලකා ගම්පොල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන්ට ලද තොරතුරක්
මත වැටලීමක් සිදුකර ඇත .
මෙහෙදී නිල් තල් මසුන්ගේ වමනය හෙවත් අම්බර් ජාවාරම් කිරීමේ අරමුණින් සන්තකයේ
තබාගෙන සිටි සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදනෙකු අත්අඩංගුවට
ගෙන වත්තේගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා
සැකකරුවන් අවුරුදු 43, 57 හා 63 යන වයස්වල පසුවන කටුගස්තොට, වැලිකන්ද හා කෑගල්ල
ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
වත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.