යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ අද(26) අලුයම 4.40 ට පමණ වවුනියාව,ඕමන්ත ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව,තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ඕමන්ත පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මහනුවර සිට යාපනය දක්වා ගමන් ගත් මෝටර් රථයක් හා යාපනය දෙස සිට වවුනියාව දෙසට ගමන්ගත් ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් මෝටර් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මෝටර් රථයේ ගමන්ගත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසූහ.
මෝටර් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුවි ඇති බවට පොලිසිය සැක පළ කරති.
එකම පවුලේ පියා,මව හා දරු දෙදෙනෙකු මෝටර් රථයේ ගමන් කොට ඇති අතර,පියා අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
තුවාලකරුවන්ගෙන් අයෙකුගේ තත්වය බරපතල වන අතර, යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඇතුළු දෙදෙනෙකු සාමාන්‍ය තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කළහ.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මියගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක් පමණ වන යාපනය,නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
(වවුනියාව මාධව කුලසූරිය)