දිවයිනේ සෑම යුධ හමුදා කදවුරක ම රණවිරු ශුභසාධන අංශයක් අද (26) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කර තිබෙනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ, දිවයින පුරා පිහිටි සෑම යුද්ධ හමුදා කඳවුරක ම එහි අණදෙන නිලධාරීවරයාගේ අධික්ෂණය යටතේ මෙම රණවිරු සම්බන්ධිකරණ අංශ පිහිටුවා ඇති බවයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්න රොද්‍රිගෝගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන් සබැඳි වැටුප් විෂමතා, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් ශුභසාධන ගැටලු අදාළ යුද්ධ හමුදා සාමාජිකයා පදිංචි ස්ථානයට ආසන්නත ම යුද්ධ හමුදා කඳවුරේ රණවිරු සම්බන්ධීකරණ අංශයට යොමු කළ හැකියි.

ශුභසාධන කටයුතු වඩාත් පුළුල් හා විධිමත්ව සිදුකිරීම සඳහා එලෙස රණවිරු සම්බන්ධීකරණ අංශයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here