මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 642ක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25ක් වන හීනැටියන, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැක කටයුතු පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයාව පරීක්ෂා කිරීමේදී අදාළ අයිස් මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බය සොයාගත් බවයි මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කළේ.
(මිනුවන්ගොඩ දමිත් තිසර)