ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඔහුගේ ආර්යාව බ්‍රිජිට් මැක්‍රොන් සම්බන්ධ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළත්, විදෙස් මාධ්‍ය තුළත් දැඩි කතාබහක් ඇති කර තිබෙනවා.
අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ වියට්නාමයේ නිල සංචාරයකට ගිය ප්‍රංශ ජනාධිපතිවරයා රැගත් නිල ගුවන් යානය හැනොයි ගුවන්තොටුපොළට ගොඩබෑමෙන් පසු එහි දොර විවර වනවාත් සමඟම කිසිවෙක් විසින් මුහුණ තදකර ජනාධිපතිවරයාව පසෙකට තල්ලු කරන ආකාරයකි.
මෙම සිදුවීම සිදුවන්නේ ගුවන් යානය ගොඩබෑමෙන් පසු එහි දොර විවර වී, ප්‍රංශ ජනාධිපතිවරයා පහළට බසින තුරු වියට්නාම් බලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිස බලාගෙන සිටියදීයි.
එම වීඩියෝවට අනුව, ජනාධිපතිවරයාව මෙලෙස තල්ලු කර දමන්නේ, අන් කවරෙක් හෝ නොව ආර්යාව බ්‍රිජිට් මැක්‍රොන් විසිනි.
අදාළ සිදුවීම අන් අයගේ ඇස ගැටීමත් සමඟ මැක්‍රොන් ව්‍යාජ සිනහවකින් මුව සරසා ගනියි.
අනතුරුව දෙදෙනා ගුවන් යානයෙන් පහළට බසින අයුරු දක්නට ලැබේ.
මෙම සිදුවීම විදෙස් මාධ්‍ය අවුළුවා ඇති නමුත්, මේ සම්බන්ධයෙන් මැක්‍රොන් පවසා ඇත්තේ එය ගෘහස්ථ ආරවුලක් නොව විහිළුවක් වන බවයි.
කෙසේ නමුත් මෙම සිදුවීම රුසියානු රාජ්‍ය මාධ්‍ය සහ ප්‍රංශ අන්ත දක්ෂිණාංශික සමාජ මාධ්‍ය ගිණුම් විසින් ප්‍රවර්ධනය කරන සෙයක් දක්නට ලැබේ.