ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන පසුගිය දා චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේදී පැවැත්වුණා.
එම තරඟය සංවිධාන කර තිබුණේ චීන මාධ්‍ය සමූහය විසින්.
මහජන ප්‍රසාදය ද සමඟින් ගෝලීය අවධානය දිනා ගැනීමට මෙම රොබෝ තරඟය සමත්ව තිබුණා.
මානවරූපී රොබෝවරුන් සහභාගී වූ ලොව ප්‍රථම සටන් තරඟය වූ මෙය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා නිර්මාණය කරන ලද විද්‍යා ප්‍රදර්ශන තරඟයක් ද බවයි චීන මාධ්‍ය පවසන්නේ.
මෙය මහජනතාවට රොබෝ තාක්ෂණය පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා වැදගත් ප්‍රවේශයක් විවෘත කර ඇති අතර චීනයේ රොබෝ කර්මාන්ත සංවර්ධනයේ නව අවධියකට යොමු කර ඇතු බව විශ්ලේකයින් පවසනවා.