2024 වර්ෂයේ අ.පො.ස.(උසස් පෙළ) සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකරනු ලැබෙනවා.

ඒ අනුව, 2024 උසස් පෙළ මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්කිරීම 2025 මැයි මස 30 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසාන බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

හැකි සෑම සිසුවෙකුටම අන්තර්ජාලය මඟින් අයදුම්පත යොමුකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිස සිය අයදුම්පත යොමුකළ හැකි බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here