BYD සමාගම විසින් සිය විදුලි හා plug in hybrid මෝටර් රථවල මිල 10% සිට 30% දක්වා පමණ ප්‍රමාණයකින් අඩු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව ඉකුත් සිකුරාදා, එම සමාගම නිවේදනය කළේ, මෙම වට්ටම එළඹෙන ජුනි මස අවසානය දක්වා ක්‍රියාත්මක වන බවයි.

එය බැටරි බලයෙන් ක්‍රියාත්මක වන සහ plug in hybrid මාදිලි 22ක් සඳහා 10 සිට 30%ක වඩා වට්ටමකට යටත් වන බවද BYD සමාගම නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වනවා.

එම වට්ටම් ප්‍රධාන වශයෙන් යුවාන් 150,000ට (ඇමරිකානු ඩොලර් 20,820) අඩු මාදිලි සඳහා අදාළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම වට්ටම් සඳහා ඇතුළත් කර ඇති ඉහළම මිලැති මෝටර් රථ මාදිලිය Xia බහුකාර්ය වාහනය වූ අතර එයට 13%ක පමණ වට්ටමක් හිමිව තිබුණා. 

ඒ අනුව එහි මිල යුවාන් 200,000 ට වඩා ඉහළ මිලක් සඳහන් වුණා.

මෙම වට්ටම් ප්‍රකාශයට හේතු ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, BYD සමාගම සිය වාහන අලෙවිය මෙම වසර අවසානයේ දී මිලියන 5.5ක් දක්වා වර්ධනය කර ගැනීම බවයි. 

චීනයේ CNEVPost.com වාර්තාවකට අනුව මෙලෙස අඩු කිරීමෙන් පසු BYD’s Seagull රථයක මිල රුපියල් මිලියන 2.3ක් වන අතර, Seal රථයක මිල රුපියල් මිලියන 2.4ක් වෙනවා.

Sealion රථයක් රුපියල් මිලියන 2ක් වන අතර, ඩොල්ෆින් රථයක් රුපියල් මිලියන 3.2ක මිලක් ලෙස එම වෙබ් අඩවිය සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම මිල ගණන් මෙරට තීරුබදු අය කිරීමට පෙර මිල බවද සඳහන්.

එම මිල ගණන් පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here