පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන්ව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු එක් එක් පක්ෂය/ කණ්ඩායම
විසින් එකී පක්ෂයට හෝ කණ්ඩායමට අදාළ වූ කාන්තා සහිකයන් ඇතුළුව තෝරා එවිය යුතු සහිකයන්
මැතිවරණ කොමිෂන් සභාව වෙත එම ඡන්ද විමසීම අවසන් වූ විශාල දැනුම් දිය යුතු වුව ද, ඡන්ද විමසීම
අවසන් වී මේ වන විට දින 21 ක් ගතව ඇතත් තෝරා එවිය යුතු නියමිත සහික සංඛ්‍යාව සමෙතෙක්
මැතිවරණ කොමිෂන් සභාව වෙත නම්කර එවා නොමැති බව එම කොමිසම පවසනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයාගේ අංක 2424/02 හා 2015 පෙබරවාරි
17 දිනැති ගැසට් නිවේදනය අනුව 2025 ජුනි 02 වැනි දින සිට පළාත් පාලන ආයතන වල ධුර කාලය ආරම්භ
විය යුතු බවට නියම කර ඇත.

විෂයභාර අමාත්‍යවරයාගේ නියෝගයට අනුව පළාත් පාලන ආයතනවල ධුර කාලය ආරම්භ කිරීමට පෙර
තේරී පත් වු සහ තෝරා එවා ඇති සභිකයන් ගැසට් පත්‍රයේ පළ කළ යුතුව ඇති බැවින් එක් එක් පක්ෂය සහ
කණ්ඩායම විසින් තෝරා එවිය යුතුව ඇති සියලුම සහිකයන්ගේ නම් 2025මැයි 30 දින මධ්‍යම රාත්‍රී 12.00 ට
පෙර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත නම් කර යැවිය යුතු බව මැතිවරණ කොමිෂන්
සභාව නිවේදනය කරනවා.

මෙම නියමය මැතිවරණ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අංක 2438/13
දරන හා 2025.මැයි 27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ ද පළ කර ඇති බව වැඩි දුරටත් නිවේදනය කරනු
ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here