දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, අද (28) මධ්‍යම රාත්‍රියේ සිට එම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ.

මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩවර්ජනය අද සවස 4.00 ආරම්භ කරන බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here