පහරදී ඝාතනය කර ටයර් දමා පිළිස්සු පිරිමි පුද්ගලයෙකුගේ නිරුවත් මලසිරැරක් ඊයේ (28) සොයාගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක මාහිංගල ප්‍රදේශයේ පදිංචිව සිටි අමරසිංහ බන්දුල ගීතානන්ද අමරසිංහ 47 යන අයයි ඔහු සම්භාණ්ඩ නිෂ්පාදයේ යෙදෙන්නෙකි

බුලත් සිංහල නාගහදොල උඩුගලකන්ද අතුරු මාර්ගයකට වන්නට කැලෑ ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ඊයේ පෙරවර නමයට පමන පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මලසිරැර සොයාගෙන ඇත.

මෙම ඝාතනය කීපදෙනෙක් එක්ව පෙරේදා රාත්‍රියේ හෝ ඊයේ අළුයම් කාලයේ සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

පහරදී ඝාතනය කිරීමෙන් අනතුරුව ඉණ ප්‍රදේශයට ටයරයක් දමා ගිනි දල්වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

අඩක් පිළිස්සුනු ටයරයක් හිස ප්‍රදේශයේ තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඝාතනය වූ පුද්ගලයාගේ බවට සැක කෙරෙන ත්‍රී රෝද රියක්ද එම මළ සිරුරට මීටර 30 ක පමන දුරකින් නවතා තිබියදී පොලිසිය මගින් සොයාගෙන ඇත.

එහි ආදායම් බලපත්‍රය එම පුද්ගලයාගේ නමින් තිබෙන බව පොලිසිය කියයි.

පෙරේදා 27රාත්‍රී දහයට පමණ එම පුද්ගලයා නිවසින් පිටවී ඇති බවට බිරිඳගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ පැමිණ මළ සිරුර හඳුනාගත් බවත් එම පුද්ගලයාට විරුද්ධව නඩු කිහිපයක් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතය.

කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

බුලත්සිංහල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් කුමාර අත්තනායක මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

(බන්ඩාරගම බිමල් ජයසිංහ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here