26 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 400m මිශ්‍රය දිවිමේ ඉසව්වේදී ශ්‍රී ලංකා සහය කණ්ඩායම දිනාගත් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට අහිමිවී ගොස් තිබෙනවා. 

ඒ මංතීරු නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන්. 

අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, නදීශා රාමනායක සහ හර්ෂනී ආරච්චිගේ මෙම තරඟ ඉසව්ව සඳහා සහභාගි වුණා.

මේ අතර 26 වන ආසියානු මළල ක්‍රිඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කාලිංග කුමාරගේ පිරිමි මීටර 400 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වුණා.

එහිදී ඔහු තප්පර 45.55 කදී එම දක්ෂතාවක් දැක්වීමටයි සමත් වුණේ.

එහිදී මීටර 400 කාන්තා අවසන් තරඟයට ඉදිරිපත් වූ නදිශා රාමනායකට පදක්කමක් දිනා ගැනීමට හැකිවූයේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here