සමාජ මාධ්‍ය හරහා දේපල විකිණීමට ඇති බවට දැන්වීම් පල කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්
පොලිසිය විමර්ශනයක් අරමබ් කළා.

එහිදී හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සමාජ මාධ්‍ය ජාලය හරහා ත්‍රිරෝද
රථ හා යතුරු පැදි විකිණීමට ඇති බවට සඳහන් කර දැන්වීම් පල කර අත්තිකාරම් මුදලක් බැංකු ගත
කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු අවුරුදු 29 ක් වයසැති බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු හල්දුම්මුල්ල, සමනල වැව, කෑගල්ල හා මහනුවර ආදි විවිධ පොලිස් වසම්වල
පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 02 මුදලක් පමණ මෙලෙස වංචා කර ඇති බවට කොරතුරු ලැබී ඇති අතර
ඔහු විසින් මෙලෙස සිදු කළ තවත් වංචාවන් සම්බන්ධ තොරතුරු අනාවරණය කරගැනීම සඳහා හල්දුමුල්ල
පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here