අධි සංවේදී ස්කෑනර් යන්ත්‍රයක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය
පවසනවා.

ඊයේ (28) සිලාවතුර පොලිස් වසමේ සිලාවතුර මුස්ලිම් විද්‍යාලයට හැරෙන හන්දිය අසලදී සිලාවතුර
පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හා පොලිස් විශේෂ කාර්ය බලකා මන්නාරම කඳවුරේ
නිලධාරීන් කණ්ඩායමක් ඒකාබද්ධව ක්ෂණික මාර්ග බාධකයක් යොදා කැබ් රථයක් පරීක්ෂා කොට
තිබෙනවා.

එහිදී එම කැබ් රථයේ තිබී අධි සංවේදී ස්කෑනර් යන්ත්‍රයක් හමුවූ අතර කැබ් රථයේ සිටි සැකකරුවන්
07 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් අවුරුදු 31 ත් 60 ත් අතර වයස් කාණ්ඩවල පසුවන සුරිය වැව, පුත්තලම,
කනගරායන්කුලම, මාන්පුරි, පුදුකුඩි ඉරිප්පු, තබ්බෝව හා සිලාවතුර ප්‍රදේශ වල පදිංචිකරුවන් බව
පොලිසිය පවසනවා.

මෙම ස්කැනර් යන්ත්‍රය සැකකරුවන් විසින් කුමන අරමුණක් සඳහා රැගෙන යන්නේද යන්න සම්බන්ධව
කරුණු අනාවරණය කර ගැනීමට සිලාවතුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here