නොගෙවා පැහැර හරින ලද රුපියල් මිලියන 1350 ට අධික ආදායමි බදු හා ජාතිය ගොඩනැන්වීමේ
බදු රජයට ගෙවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා රන්දෙණිගල
සින්ටලිරින් පෞද්ගලික සමාගමට නියෝග කොට තිබෙනවා.

එම සමාගම 2012,2013 හා 2014 යන වර්ෂ තුනට අදාළ රුපියල් 907,586,288 ක ආදායම් බදු හා
2012,2013,2014 හා 2015 යන වර්ෂ හතරට අදාල රුපියල් 50,190,596 ක ජාතිය ගොඩනැංවීමේ බදු
නොගෙවන ලදයි චෝදනා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරේදී ගොනුකරන ලද
නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියම කරනු ලැබුවා.

සිද්ධියට අදාළ නඩුව ජුනි මස 25 දින නැවත කැඳවීමටද අධිකරණය නියෝග කොට තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා පෙනී සිටි අතර වගඋත්තරකාර
සමාගම වෙනුවෙන් නීතිඥා ගුණවර්ධන මහතා පෙනී සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here