ප්‍රකට ධර්ම දේශක පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා.
ඒ, අද (29) දහවල් කොළඹ ජාතික රෝහලේදීයි.
කලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ ජාතික රෝහලේ 41 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අපවත්ව තිබේ.
දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය නිර්මාණය කළ උන්වහන්සේ, මෙරට තරුණ ප්‍රජාව ආගමානුකූල මාර්ගයට යොමුකිරීම සඳහා දැරූ පරිශ්‍රමය සුවිශේෂීය.
ගුවන්විදුලිය සහ රූපවාහිනි මාධ්‍ය තුළ ද සමකාලීන ධර්ම දේශකයන් අතර පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේගේ නාමය ඉහළින්ම කියවේ.