හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩ සහිතව වසර 20ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමට සිය සතුට පළ කරමින් නාවලපිටිය නගර මධ්‍යයේ රතිඤ්ඤා පත්තු කර තිබෙනවා.
කැරම් බෝඩ් ගණුදෙණුවට අදාළව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අද(29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතල වැඩසහිත සිරදඩුවමක් සහ හිටපු වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කෙරුණි.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ, මහේෂ් වීරමන් , ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල විසින් ය.