ජගත් පරිසර දිනයට සමගාමීව නම් කෙරුණු ජාතික පරිසර සතිය හෙටින් (මැයි 30) ආරම්භ වනවා.
ජාතික පරිසර සතියේ ආරම්භය සනිටුහන් කරන හෙට දිනය ”ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය” ලෙස නම් කර තිබෙනවා.
ඊට අදාළ ජාතික වැඩසටහන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සැලසුම් කර ඇති අතර පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යංශයේදී හෙට පෙරවරු 9.30 ට ආරම්භ වීමට නියමිතය.
එහිදී ”ප්ලාස්ටික් මගින් සිදුවන දුෂණය අවසන් කරමු” යන්න පිළිබඳව වන ජාතික ප්ලාස්ටික් ක්‍රියාකාරී සැලැස්ම පිළිබද දැනුවත් කිරීම සිදු කෙරෙනු ඇති.