පාලන මිලට වඩා වැඩි මිලකට පානීය ජල බෝතලයක් විකිණූ බවට එල්ලවූ චෝදනාවකට වරදකරු කෙරුණු කොළඹ පිහිටි සුපිරි වෙළඳ ආයතනයක හිමිකරුවකුට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය ඊයේ (29) නියෝග කළාය.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සුපිරි වෙළඳ ආයතනයක හිමිකරුවකුට මෙලෙස දඩ මුදල් නියම කෙරිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාල විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වීය.

රුපියල් 70කට විකිණීමට තිබූ පානිය ජල බෝතලය රුපියල් 200කට අලෙවි කිරීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කරුණු දැක්වූහ.

පාලන මිලට වඩා වැඩි මිලට වතුර බෝතල් විකිණීම වළක්වාලමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී වැඩි මිලට වතුර බෝතල් විකුණන බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් එවැනි ස්ථාන පිළිබඳව වැටලීමට කඩිනමින් පියවර ගෙන ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුට දඩ මුදල් නියම කළාය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here