සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්වය නිසා දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල පවතින වැසි තත්වය
තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත්
ඇතැම් ස්ථානවල මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැක.
දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම,
දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන සුළඟ
පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් අතර මට්ටමක පැවතිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන සුළඟ පැයට කිලෝ මීටර් 30 ත් 40 ත් අතර මට්ටමක පැවතිය
හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.