දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් සමග ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් වාර්තා විය.

ඒ අනුව දිස්ත්‍රික්ක 9කට වර්ෂාවෙන් සහ සුළං තත්ත්වයෙන් හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මෙහිදී නිවාස 3ක් පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර තවත් නිවාස 365කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇත.

කෙසේවෙතත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ලවී තිබූ අතර මාර්ග කිහිපයක වාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here