සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසී යාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිලදී නොගන්නා බවට පළවන කරුණු ද සාවද්‍ය බවත්, පසුගිය රජය යටතේ පාඩු ලබමින් තිබූ මෙම ආයතනය නව පරිපාලනය මඟින් නව අලෙවි සැලැස්මක් යටතේ, පාඩුව අවම කර ගනිමින් මෙහෙයුම් කටයුතු ඉදිරියට කරගෙන යන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here