හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයන්ට නවාතැන් ගැනීමට දී තිබූ නිවසින්
පිටවන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.
එහෙත් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයින්ට පදිංචිය සඳහා සුදුසු නිවසක් ලබා දී නොමැති
බව පැවසෙනවා .
ආරක්ෂකයන්ගේ නවාතැන් සඳහා පැරණි හැඳුනුම්පත් කාර්යාලය ලබාදෙන බව පැවසුවත්
ඒ කටයුතු සිදුවන බවක් පෙනෙන්නට නොමැති බවද රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට
සම්බන්ධ ආරංචි මාර්ග පවසනවා.
රනිල්ගේ ආරක්ෂකයන් බොහෝ දෙනෙක් සිටින්නේ කොළඹින් පිටත්ය…..ඔවුනට නිතිපතා
දුර බැහැර සිට කොළඹ පැමිණීම අසීරුය.
මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයින් සහ සිලින්ඩරයේ මන්ත්‍රීන් අතර පැවති
හමුවකදී මෙවැනි කතාබහක් ඇතිවී තිබෙනවා.
“මුලින්ම රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී අශෝක අරියවංශ ස්ථාන මාරු කරනු ලැබූ අතර
දැන් සෙසු ආරක්ෂක නිලධරයන්ට ඉන්න හිටින්නට තැනක් නැති කර තිබෙනවා …. කොටි
වලස්සු මිනිසුන්ගේ ඇඟට පනින්නේ මිනිසුන්ට ඇති බයට කියලා ගමේ ගොඩේ කතාවක්
තිබෙනවා ….. ඒ වගේම වැඩක් දැන් ආණ්ඩුවෙන් රනිල්ට සිදුවෙමින් තිබෙන්නේ”