වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයට අයත් ඇතිලිවැව පැරකුම් මාවත ප්‍රදේශයේ දී මුගුරකින් සිදු කල පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මියගිය පුද්ගලයා සිය මවට පොරවකින් පහරදීමට උත්සාහ කර මවගේ බෙල්ලට පොරව තබා ඇති අතර එය දුටු එම මවගේ දියණිය විවාහ කරගෙන සිටි පුද්ගලයා (මියගිය පුද්ගලයාගේ මස්සිනා) මුගුරක් රැගෙන ඔහුට පහරදී ඇත.

පහරදීමේන් එම පුද්ගලයා නිවස තුලදීම ජීජීවිතක්ෂයට පත් වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු හතළිස් පහක දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයා නිරන්තරයෙන් මෙම නිවසේ ජීවත් වූ අය සමග අඩදබර ඇති කරගෙන ඇති බව මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් මියගිය පුද්ගලායාගේ මස්සිනා වන හතළිස් පස් හැවිරිදි අයෙක් පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

(ජයන්ත වීරසේකර – වැල්ලවාය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here