72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක් කර තිබේ.

සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලස සුබ පැතුම් එක් කර ඇත.

ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඉන්දියාවේ පැවැත්වෙන 72වැනි ලෝක රූ රැජින තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ හයිද්‍රාබාද් හි  HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here