පවතින අයහපත් කාලගුණ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවදානම පිලිබඳ පළමු මට්ටමේ අනතුරු
ඇඟවීමක් කර තිබෙනවා.
ඉදිරි පැය 24 ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ
සංවිධානය පවසනවා.
මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ – බද්දේගම, නුවර දිස්ත්‍රික්කයේ – ගඟ ඉහල කෝරලේ, කෑගල්ල
දිස්ත්‍රික්කයේ – අරනායක සහ නෝර්වුඩ් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ – කිරිඇල්ල යන දිසා ලේකම්
බල ප්‍රදේශවල නාය යෑමේ අවදානම් කලාප බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්
වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.
පසුගිය පැය 24 ක කාලය තුල මෙම ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවා වැසි ලැබී ඇති අතර තවදුරටත්
වැසි පැවතියහොත් නාය යෑම, බෑවුම් කඩාවැටීම, ගල් පෙරලීම,පස්කන්ඩි කඩාවැටීම සහ පොලව
ගිලා බැසීම වැනි තත්වයන් පිලිබඳව විමසිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
ජනතාවට දැනුම් දෙනවා.