2025 ලෝක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර මෙතරම් දුරක් පැමිණීම ලාංකිකයින් වශයෙන් අපට මහත් ආඩම්බරයක් බව සිය නිළ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කරයි.

ඇයගේ සහභාගිත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ගේ අවධානය අපගේම මව්බිම වෙත යොමුකරවන්න හේතුවක් වූ බව ද එහි සඳහන් වෙයි.

අගමැතිතුමියගේ මෙහිදී ඇගේ ඉදිරිගමන සුබ පැතුම් එක් කර සිටියේ මෙලෙසිනි.

“අනුදි, ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්…! ජාත්‍යන්තර වේදිකාවක ගෞරවාන්විතව සහ සාඩම්බරයෙන් යුතුව ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පිළිබඳව ඔබට අපගේ හද පිරි ස්තූතිය”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here