බරපතල වැඩ ඇතිව දීර්ඝ සිරදඩුවමකට ලක්ව සිටින හිටපු අමාත්‍යවරුවරු දෙදෙනෙකු වන මහින්දානන්ද අළුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු, ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් වැනි දරුණු ගණයේ අපරාධ සිදුකර රක්ෂිත බන්ධනාගාරගත කර දීර්ඝ කාලීන සිරදඩුවම් ලබන අනෙක් සිරකරුවන්ගෙන් වෙන්කර තබා ඇති බව වාර්තා වේ.
ඒ, ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිල්ල යොමු කරමිනි.
කෙසේ වෙතත්, වෙනත් සිරකරුවන්ට නොලැබෙන කිසිදු වරප්‍රසාදයක් මෙම සිරකරුවන් දෙදෙනාට ලබා දී නැති බව වාර්තා වේ.
ඒ අනුව ඔවුන් දෙදෙනාටම ජම්පර් අන්දවා ඇති අතර, කොට්ටයක් සහ පැදුරක් පමණක් හිමිව තිබේ.
මෙම සිරකරුවන් දෙදෙනාටම බන්ධනාගාරයේ මුද්රණ අංශයේ වැඩ පවරා ඇති බව වාර්තා වේ.