පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග කඳු ආශ්‍රිතව ජිවත්වන ජනතාව තම පරිසරය
පිළිබඳව වඩාත් විමසිලිමත් වියයුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්
දෙනවා.

එම ජනතාව තම නිවාස අවට ඇති පැති බැමි හා ආරක්ෂක වේලි සම්බන්ධයෙන් සැලකිලිමත්
වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර
ඉල්ලීමක් කරනවා.

එමෙන්ම මාර්ග දෙපස ඉදිකර ඇති බැමි සම්බන්ධයෙන් මාර්ග භාවිතා කරන්නන් වඩාත්
සැලකිලිමත් විය යුතුයි.

මෙම බැමි ඉදිකිරීමේදී තාක්ෂණික උපදෙස් නිසි පරිදි අනුගමනය නොකිරිමේ තත්ත්වයන්
තුල වර්ෂාව පවතින තත්ත්වයකදී කඩා වැටීමේ අවදානමක් පවතිනවා.

මෙවැනි තත්ත්වයකදී වහාම අදාල අංශ දැනුවත් කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ
සංවිධානයේ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර පවතින වැසි සමග ප්‍රදේශ කිහිපයකට සිදුකළ නාය යෑම පිලිබඳ පළමු අධියරේ අනතුරු
ඇඟවීම ඉදිරි පය 24 ක කාලය දක්වාද බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ
සංවිධානය දනුම් දෙනවා.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ – බද්දේගම, නුවර දිස්ත්‍රික්කයේ – ගඟ ඉහල කෝරලේ, කෑගල්ල
දිස්ත්‍රික්කයේ – අරනායක, නුවරඑලිය දිස්ත්‍රික්කයේ – අඹගමුව කෝරළේ හා නෝර්වුඩ් සහ
රත්නපුර දිස්ත්‍රික්කයේ – කිරිඇල්ල යන දිසා ලේකම් බල ප්‍රදේශවල නාය යෑමේ අවදානම් කලාප
බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ
සංවිධානය දැනුම් දෙනවා.

පසුගිය පැය 24 ක කාලය තුල මෙම ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවා වැසි ලැබී ඇති අතර තවදුරටත්
වැසි පැවතියහොත් නාය යෑම, බෑවුම් කඩාවැටීම, ගල් පෙරලීම,පස්කන්ඩි කඩාවැටීම සහ පොලව
ගිලා බැසීම වැනි තත්වයන් පිලිබඳව විමසිලිමත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here