වතු කම්කරුවන්ගේ සහ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉල්ලමින් හැටන් නගරයේ (01) දින පා ගමනක් පැවැතිවිණ.

රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එක්ව මෙම මලෙයග පදනම නැමති පා ගමන සංවිධානය කර තිබුණි.

හැටන් බස් නැවතුම්පොළ අසලින් ආරම්භකල පා ගමන හැටන් දික්ඔය නගර සභා ශාලාව වෙත පැමිණ, පා ගමනට එක් වූ සමරිසි ප්‍රජාව සහ වතු කම්කරුවන් කිහිප දෙනෙකු එක්ව විවිධ ප්‍රසංගයක්ද හැටන් නගර සභා ශාලාවේ පැවැත්විණ.

මෙම පා ගමනේදි සමරිසි ප්‍රජාව විසින් නර්ථයේ යෙදෙමින් පා ගමනට එක් විය.

මලෙයග අභිමානි පා ගමන ලෙස නම් කර තිබූ මෙම පා ගමන සංවිධානය කර තිබූ සංවිධායකයන් කියා සිටියේ වතු කම්කරුවන්ගේ සහ සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් ලබා දීම සදහා මෙම පා ගමන දෙවන වරට (01) දින සංවිධානය කල බවත්, ඉකුත් වසරේ මෙවැනිම පා ගමනක් නුවරඑලියේ පැවැත් වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here