මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට උපරිම සහාය අඛණ්ඩව ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සෙලෝජන් ලංකා (පුද්) සමාගම (Celogen Lanka (pvt) Ltd) මගින් අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හදුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී එම කාර්යය සිදුවිය.
සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ සභාපති වී. නඩරාජා මහතා විසින් එම ඖෂධ තොගය සංකේතාත්මකව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට හදුන්වා දීම මෙහිදී සිදු වුණා.
හෘද රෝගීන් සදහා භාවිතා කරන මෙම ඖෂධ තොගය පේරු රාජ්‍ය සදහා අපනයනය කිරීමට සෙලෝජන් ලංකා (පුද්) සමාගම සැලසුම් කර තිබෙන අතර එම ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 45 ක්.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ භාවිතය සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ නිෂ්පාදනය කර අඛණ්ඩව සෞඛ්‍ය අමාත්‍යාංශයටද, එමෙන් ම විදේශයන්ටද, සැපයීමට කටයුතු කරන අතරම පෞද්ගලික ඖෂධ ශාලාවලින් ඖෂධ මිල දී ගන්නා මෙරට ජනතාවට ද ඒ අයුරින් ම ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ සාධාරණ මිලකට ලබා දීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී ඖෂධ නිෂ්පාදන සමාගම්වලින් විශේෂ ඉල්ලීමක් ද කළා.