ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පසුගිය පෙබරවාරි 22 වැනිදා සිට මැයි 30 දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළුන් අතර යුද හමුදාවේ 2,261ක්, නාවික හමුදාවේ 194ක් හා ගුවන් හමුදාවේ 198ක් සිටින බව සඳහන්.

මීට අමතරව ශ්‍රී ලංකා පොලීසිය විසින්ද පලාගිය සෙබළුන් හා නිලධාරීන් 330 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here