රාජ්‍ය යාන්ත්‍රනය එක තැන හිරවීමේ තත්ත්වයක් දක්නට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී
දයාසිරි ජයසේකර පවසනවා.
ප්‍රාග්ධන වියදම සඳහා බිලියන ගණනක් වෙන්කර ඇතත් මේ මාස 5 ට වියදම් කර ඇත්තේ
බිලියන 206 වැනි මුදලක් බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේ ද සඳහන් කළා
“මේ රටේ අද ලබාදීලා තිබෙන නඩු තීන්දු හා දුෂණය පිලිබඳ සිදුවන ක්‍රියාකාරකම් ඇත්ත
වශයෙන්ම හොඳයි ….නමුත් එකේ අවසන් ප්‍රථිපලය අද මේ රට දුවන්නේ නැති තත්ත්වයකට
පත්වෙලා ….මොකද හේතුව රාජ්‍ය නිලධාරීන් තීන්දු ගන්නේ නැති තත්ත්වයට පත්වෙලා ….
අවංකව සේවය කරන නිලධාරීන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා …..ඔවුන් විශාල බියකින් පසු වනවා
කොහොමද තීරණ අරගන්නේ කියලා …. මොකද විශාල රිස්ක් එකක් (අවදානමක්) නිලධාරීන්
කල්පනා කරනවානම් යම් තීරණයක් ඒ මොහොතේ ගතයුතුයි කියලා …ඔවුන් ඒ තීරණය ගන්නවා
එකට තමයි නිලධාරීන්ට බලය පවරලා තියෙන්නේ …..හැබැයි දැන් මේ ඇතිවෙලා තිබෙන
කාරණයත් එක්ක මුළු රටේම රාජ්‍ය යාන්ත්‍රනය නතරවෙලා …තිබෙන හැටියක් තමයි පෙන්න
තියෙන්නේ ….මොකද තීරණ ගන්නේ නැ …. දැන් බලන්න රටේ ප්‍රාග්ධන වියදම බිලියන් ගනනක්
වෙන්කරලා තිබෙනවා …හැබැයි මේ මාස 5 ට බිලියන 206 ක් පමණයි වියදම් කරලා තිබෙන්නේ.
එතකොට ඔබට තේරෙනවා ඇති ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් සිද්ධවෙන්නේ නැත්නම් රට එකතැන
නතරවෙන එක…. මොකද හේතුව ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදම් වැඩිපුර යෙදවීමත් එක්ක තමයි
විශේෂයෙන්ම රටක් ආර්ථික වර්ධනය කරා යන්න පුළුවන් වාතාවරණය සකස්වෙන්නේ ……
ප්‍රාග්ධනය ආණ්ඩුවෙන් දලා රට ඇතුලේ යම් සංවර්ධන ක්‍රියාමාර්ග ගන්න ඕනේ ….මේ සියල්ල
අද හිරවෙලා තියෙන්නේ … මේ ඇතිවෙලා තිබෙන තත්ත්වයත් එක්ක විශේෂයෙන් මේ ලබාදී
තිබෙන නඩු තීන්දු විශාල ආන්දෝලනයකට ලක්වෙලා තිබෙනවා …එමෙන්ම අල්ලස් හෝ දුෂණ
කොමිසම ඉතා සක්‍රියව ක්‍රියාත්මක වෙනවා …..මේ සියල්ල ගත්තම රාජ්‍ය යාන්ත්‍රනය එකතැන
හිරවීමේ තත්ත්වයක් අපි දකිනවා ….මං හිතන්නේ ඒක රටක අනාගතයට විශාල පාඩුවක් “