කලවාන ප්‍රාදේශීය සභාවේ සර්වජන බලය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජීව පුෂ්පකුමාර මහතා අද (02) අභාවප්‍රාප්තවී තිබෙනවා.
කලවාන පොලිසිය සඳහන් කළේ, කලවාන දෙල්ගොඩ කොළණිය ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැනක් ආසන්නයේ පිහිටි ගසක අත්තක් ඉවත් කිරීමට යාමේදී විදුලිසැර වැදී මෙම මරණය සිදුව ඇති බවයි.
විදුලි සැර වැදීමෙන් අනතුරුව ඔහු කලවාන මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මියගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කොන්ත්‍රාත් පදනම මත ගස්වල අතු ඉවත් කිරීමේ රැකියාවක නිරතව සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.