ගම්පොල මහෙස්ත්‍රාත්වරියට අපහාසාත්මකව හා තර්ජනාත්මකව නිර්නාමික ලිපි ලැබෙන
බවට ඇය විසින් ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කර තිබෙනවා.

අධිකරණයෙහි විභාග වන නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය ගන්නා නිර්භය හා නිර්පාක්ෂික
තීන්දු සමග මෙම තර්ජනාත්මක ලිපි ලැබීමේ වැඩිවීමත් සමග මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු
මහත්මිය විසින් මේ පිළිබඳව ගම්පොළ පොලිස් අධිකාරී කාර්යාලයෙහි මෙලෙස පැමිණිලක්
සටහන් කර තිබෙනවා.

ඒ අනුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳව
විමර්ශනයක් ආරම්බ කර ඇත.

ඉකුත් සතියේ අධිකරණයේ නඩුවක් කැඳවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සිටියදී එම නඩුවෙහි
පැමිණිලිකාර පාර්ශවය නියෝජනය කළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියගේ උපදෙස් මත කාර්යාලයේ
නිලධාරිනියන් දෙදෙනෙකු ගම්පොළ අධිකරණය වෙත පැමිණ සිටි අතර මහේස්ත්‍රාත්වරිය විවෘත අ
ධිකරණයේ කරුණු පැහැදිලි කරමින් සිටියදී ඇගේ කතාවට දෙවරක් සමච්චල්වන ආකාරයෙන් සිනාසීම
සම්බන්ධයෙන් එම නිලධාරිනියන්ට අවවාද කර තිබියදීත් නැවැත එලෙස සීනාසිම අධිකරණයට අපහාස
කීරිමක් ලෙස සලකා අභියාචනාධිකරණයේ නඩු පැවැරිමටද කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මෙම කැඳවා තිබු නඩුව ජුනි මාසයට යෙදී තිබී ඇතත් ප්‍රාදේශීය ලේකම්වරිය විසින් මෝසමක්
මගින් එය මැයි මාසයේ කැඳවා තිබූ බවද හෙළිවී ඇත.

එදින කැඳවා තිබු මෙම නඩුව සම්බන්ධ කරගනිමින් මහෙස්ත්‍රාත්වරියට තර්ජනාත්මක ස්වරූපයෙන්
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තත්වයට ගම්පොල අධිකරණය පත් කර නොගන්නා වැනි අපහාස වන
ආකාරයට නිර්නාමික ලිපි ලැබීම පිළිබඳව විමර්ශනයක් කර අදාළ සිද්ධියට සම්බන්ධවූවන් අත් අඩංගුවට
ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඇය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලෙහි සඳහන් වනවා.

ප්‍රාදේශීය ලේකම්වරිය ඉකුත් සතියේ මහනුවර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී ද
ගම්පොල මහේස්ත්‍රාත්වරි ගේ ක්‍රියා කලාපය විවේචනය කර ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත.

එම විවේචන හා පෙත්සම් අතර සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳවත් පොලීසියේ අවධානය යොමුව ඇති
බවද පොලිසීය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here