මුල් මාස 5 ට අපේක්ෂිත බදු ආදායමේ ඉලක්ක අභිබවා යයි

මේ වසරේ මුල් මාස 5 තුල බදු ආදායමේ අපේක්ෂිත ඉලක්ක අභිබවා යාමට හැකිවී තිබෙන බව
ජනාධිපතවරයා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දසානායක මේ බව සඳහන් කළේ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ
පැවති “බදු ශක්ති” බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක
අවස්ථාව අමතමිනි.

“ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්”තේමාව යටතේ “බදු ශක්ති – ජාතික බදු සතිය” ආරම්භ කිරීමද මිට
සමගාමීව සිදු වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දසානායක මෙසේද පැවසිය ….

“දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව මේ මුල් මාස 5 ට අපේක්ෂා කරන අදායම් ඉක්මවා 101% ක අදායමක්
උපාය තිබෙනවා ….රෙගු දෙපාර්තමේන්තුව මුල් මාස 5 ට ඉලක්ක අභිබවා 104% ක බදු අදායමක් උපායා
ඇති අතර සුරා බදු දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 5 ට අපේක්ෂිත බදු අදායම ඉක්මවා 106% ක
අදායමක් උපායා තිබෙනවා ….අපි අපේක්ෂා කළ අදායම් ඉලක්ක අපිට පහු කරන්න පුළුවන් කම ලැබිල
තිබෙනවා … බදු ගෙවන හැම කෙනාටම ආරාධනා කරනවා …ඔබ ගෙවන්න අපි හැම රුපියලක්ම ආරක්ෂා
කරනවා ….එක රුපියලක් හෝ නාස්ති කරන්න හෝ වංචා වේ …යොදවන්න උත්සහ කරනවානම් එයට
එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න උපරිම මැදිහත්වන බවට සහතික වනවා “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here