මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් පිරිසක්
අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (02) රාත්‍රී කාලයේදි හලාවත පොලිස් වසමේ බණ්ඩාරවත්ත කලපු ප්‍රදේශයේදී හලාවත
කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කරනු
ලැබුවා.

මෙහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1917 ක්
අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම බීඩි කොළ තොගය උර 62 ක අසුරා තිබු අතර ලොරි රථ දෙකකට පටවමින් සිටි සැකකරුවන්
13 දෙනෙකු ලොරි රථ දෙකක්ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරුවන් අවුරුදු 19 ත් 48 ත් අතර වයස්වල පසුවන මිනුවන්ගොඩ, කලගෙඩි හේන, පන්නල,
නිට්ටඹුව, දුන්කන්නාව, නාත්තන්ඩිය, නිතලව හා පන්නල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව
සඳහන්.

හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබානවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here