රුපියල් ලක්ෂ 20ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පුරියක් සමග සැකකරුවෙකු ඊයේ (02) ජාඇල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත කළ වැටලීමකට අනුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 20ක් වන සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.