නායයෑමේ අවධානමක් නිසා හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ප්‍ර දේශයේ මීටර් 300ක් පමණ කොටසක් රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට (03) දින සීමා කර ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

ප්‍රධාන මාර්ගයට ඉහළින් විශාල පැති බැම්මක් කඩා වැටීමත් සමග එම කොටස නායයෑමේ අවධානමක් පවතින නිසා මාර්ගයේ කොටසක් එක් මන්තීරුවකට සීමා කල බවයි පොලිසිය කියා සිටියේ.

පසුගිය දින කිහිපය තුල නුවරඑලිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නිවසක පැති බැම්ම (02) දින කඩා වැටී ඇත.

(හැටන් රංජිත් රාජපක්ෂ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here