පරිශීලකයින් මිලියන 400 පසු කළ පළමු යූ ටියුබ් චැනලය බවට, ජිමී ඩොනල්ඩ්සන්ගේ MrBeast යූ ටියුබ් චැනලය පත්ව තිබෙයි.
මෙහිදී එම පරිශීලකයන්ගේ සංඛ්‍යාව, ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයට වඩා වැඩි සහ දැනට ජීවත්ව සිටින ඉංග්‍රීසි භාෂාව කතා කරන්නන් සංඛ්‍යාවට සමාන වන බව වාර්තා වෙයි.
2012 වසරේ දී ජිමී ඩොනල්ඩ්සන් විසින් MrBeast යූ ටියුබ් චැනලය ආරම්භ කළ අතර ක්‍රීඩා වීඩියෝ පළ කරමින් සහ විවිධ අන්තර්ගත ආකෘති උත්සාහ කරමින් ඔහු එය පවතවාගෙන යනු ලබයි.
2017 වසරේ දී MrBeast යූ ටියුබ් චැනලය පරිශීලකයන් 100,000 සම්පූර්ණ කළ අතර, 2023 මුල් භාගයේදී, ජිමී ඩොනල්ඩ්සන් පැහැදිලි කළේ එවකට ඉහළම ස්ථානය දැරූ T-Series ටියුබ් චැනලය අභිබවා යාමට තමන්ට අවශ්‍ය බවයි.
කෙසේ වෙතත් අද වන විට ජිමී ඩොනල්ඩ්සන්ගේ MrBeast යූ ටියුබ් චැනලයේ, යූ ටියුබ් සමාජ මාධ්‍ය වේදිකාව තුළ දෙවන වැඩිම පරිශීලකයන් සංඛාවක් සිටින T-Series යූ ටියුබ් නාලිකාවට වඩා මිලියන 100කට වඩා වැඩි පරිශීලකයින් පිරිසක් සිටියි.
එසේම අවුරුදු 27ක් වන ජිමී ඩොනල්ඩ්සන් දැනටමත් ලාබාලතම යු ටියුබ් බිලියනපතියා ලෙස කිරුළු පළඳා ඇති අතර, වටිනා සන්නාම අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන ඩිජිටල් යුගයේ නිර්මාණකරුවෙකු වීම යන්නෙහි තේරුම නැවත අර්ථ දක්වා ඇති පුද්ගලයෙක් ද වෙයි.