නවකවධය ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිසුවිය ඊයේ (02) දහවල් කාලයේ දී කාර්මික විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන ඇති අතර අසල සිටි පිරිසක් විසින් ඇය බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය මේ වනවිට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.