පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැළුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා.

මෙහිදී වී, බඩ ඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් යන වගාවන්වලට සිදුවන හානි සඳහා රක්‍ෂණ ආවරණ ලබා ගැනීම අවශ්‍ය නොවන අතර අක්කර 05ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරේ.

ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රු.100,000/- ක උපරිමයක් දක්වා රක්‍ෂණ මුදල් නිදහස් කරනු ලබන බවයි එම මණ්ඩලය අවධාරණය කරන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය තුළදී වගා හානිවීම් පිළිබදව නිරන්තර අධීක්ෂණයට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ආපදාවට පත් වූ කුඹුරු ඇතුළු අනෙකුත් වගාවන්හි ජලය මේ වන විට ක්‍රමයෙන් බැස යාමට ලක් වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂවරුන් මේ වන විටත් දන්වා ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1918 අමතා ගොවීන්ට තම වගා හානි වීම් දැනුවත් කිරීම සිදු කළ හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here