පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ සවස පානදුර හොරේතුඩුව පාලම අසල සැක කටයුතු ලෙස සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ දමා සිටි මෙම විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනි අවියක් සහා එම අවියට යොදන ජීව උණ්ඩ තුනක් එම අවිය බහලන බහළුමක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ..

පොලිසිය ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම මෙම ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස මෙම ගිනි අවිය යොදාගත හැකි බවයි.දිගින් අඟල් හතරහමාරක් පමණ වන මෙම ගිනි අවිය පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා ඕනෑම අවස්ථාවකින් ගෙනයා හැකි ආකාරයෙන් නිෂ්පාදිත එකක් වේ.

මෙම ගිනි අවිය කුමන හේතුවක් සඳහා මෙම පුද්ගලයා සන්තකයේ තබා ගත්තේ ද යන්න පිළිබඳව කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

මෙම ගිනි අවිය සමග අත්අඩංගුවට පත් වූයේ 43 වියැති මොරටුව මෝල්පේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර,ඔහු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(සම්පත් කුලරත්න – කළුතර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here